sahalana.org
Home
Welcome to the Frontpage
Sahalana Linux E-mail

Logo

Welcome to Sahalana Linux homepage. Sahalana is a Linux distribution based on Ubuntu. But Sahalana comes with Many more software and support for all known multimedia formats out of the box!

Download your copy today from here. It is free, so you can share sahalana among your friends. Humanity... සහළාන...

 

අවට සුපිපි සපු දුනුකේ සලළාන

හඬන තැනින් තැනැ විලිකුළු කිරළාන

පැසී නැම කරල් රත්හැල් සහළාන

වඩන මැනැවි මහ වෙල මැදැ වෙරළාන

 

39. කවිය සැලළිහිණි සංදේශය, ශ්‍රී රාහුල හිමි

 

මිත්‍රය, හාත් පසින් සුපිෂ්පිත වූ චම්පක රාජ කෙතකි. හොර වෘක්‍ෂයන් ගෙන් යුක්ත වූ වනයෙහි තන්හි තන්හී විලිකුළන් හා කිරළුන් නාද පවත්වන්නා වූ රක්‍ත ශාලී ශස්‍ය මඤ්ජරීන් පරිනතව නැමුණා වූ වෙරළාන නම් වූ මහා ක්‍ෂේත්‍ර මධ්‍යයෙහි ගමන් කරනු යහපති෴

මේ සෑ තන්හිම සහළා යනුවෙන් යෙදී ඇත්තේ සහෘදත්වය, හිතවත්කම, මිත්‍රත්වය, සම්බන්ධතාවය ඇති අයෙක් හැඳින්වීම සඳහාය. සහ යන්නෙන් සමාන යන්නද යන්නේ ළය - හදවත යන්නද අරථ ගැන්වේ. එවිට සහළ යනු සමාන හදවත් ඇති යන්නයි. ඒ අනුව සමාන හදවත් ඇත්ති යන අර්ථය සඳහා සහළා යන්න යොදා ඇත. මනුස්සකම තිබෙන්නා සෑම විටම අනෙකා ගැන සිතයි. අනෙකාගේ හදවතට දැනෙන දේ ගැන නිතරම සිතයි. දෙදෙනාගේම හදවතට දැනෙන්නේ එකම දෙයයි. දෙදෙනාගේම හදවත් සමානයි. ඔබ වෙනුවෙන් මම යනුවෙන් සිතයි.ඔබ වෙනුවෙන් මම සහ අපි යනුවෙන් සිතයි.උබුන්ටු යනු ද එයමය.

ආනයනු ගෞරවාර්ථයෙහි ආමන්ත්‍රනයකි. එබැවින් සහළාන යනු මනුස්සකම ඇත්තාට ගෞරවයෙන් කරන්නා වූ ආමන්ත්‍රනයකි. ලංකාවේ උබුන්ටුහෙවත් ඔබ වෙනුවෙන් අපි සිටින්නා වූ මනුස්සකම සංකේතවත් කිරීමට තිබෙන්නා වූ හොඳම පදය සහළාන වන්නේය.

මේ අනුව ලක් උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සහළාන ලිනක්ස් ලෙස නම් වේ.

සහලේ සියදෑ සිව්මංසල...........෴

එසේම සහළාන සමඟ උද්‍යේග පාඨය වනුයේ සහලේ සියදෑ සිවිමංසල යන්නය. සහලේ යන්නෙන් සමාන ලේ; මෙහි (දන්තද) ල කාරය යෙදේ, සියදෑ යන්නෙන් තම දේශය යන්නත්සිව්මංසල යන්නෙන් සතර දෙසින් එන්නා වූ හෙවත්, සියලු දෙනා යන්නත් අර්ථවත් කෙරේ.

 

 
Copyright © 2013 sahalana.org. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Joomla themes

Who's Online

We have 2 guests online